ආණ්ඩුව මහවැලි මහ ජලාශ නඩත්තුව අතහැර දමයි! ජීවිත දහස් ගණනක් අනතුරේ හෙළන තවත් දැවැන්ත විනාශයක් අතළඟ!

October 30, 2019 at 12:25 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ඇතුළු මහා ජලාශ නඩත්තුව සඳහා වාර්ෂිකව රජය ලබාදෙන රුපියල් දස ලක්ෂ 250ක මූල්‍ය ප්‍රතිපාදන, හරි අඩකින් කපා හැර ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා එම ජලාශවල නඩත්තු කටයුතු මන්දාගාමී වී ඇති අතර ඉදිරි කාලයේදී මහා අනතුරක් ඇතිවීමේ අවදානමක් උද්ගතව ඇතැයි මහවැලි අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රජය මුහුණදෙන මූල්‍ය අර්බුදය නිසා මේ ආකාරයට මුදල් කප්පාදු කර ඇති බව දැන ගන්නට ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ප්‍රධාන මහවැලි ජලාශ සියල්ලම පාහේ 75%කට අධික ධාරිතාවකට ළඟාවී ඇතත් සත්‍ය වශයෙන්ම ඒවායෙහි අඩක් පමණ පිරී ඇත්තේ රොන්මඩවලින් බව නඩත්තු අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මහා ජලාශවල වාන් දොරටු සහ උමං මාර්ග අවම වශයෙන් වසරකට වරක් හෝ නඩත්තු කළ යුතු වුවත්, මුදල් කප්පාදුව නිසා එම කටයුතු මන්දගාමී වී ඇත.

මෙම තත්ත්වය, ඉදිරි කාලයේදී අනතුරක් හටගැනීමේ අවදානමකට පාර කපන්නට ඉඩ ඇති බවත්, මහවැලි අධිකාරියේ සේවකකාරකාදීහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස