අධිකරණයම යහපාලන රූකඩයක්! “ආණ්ඩුව බේරගන්න පැයකට හරි ගෝඨා ඇතුළට දාන්න” රංජන් විනිසුරු ගිහාන් පිලපිටිය සමග කළ කුමන්ත්‍රණයේ හඬපටිය මෙන්න.! (Audio)

January 7, 2020 at 9:57 pm | by emanisa.lk

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරනා ගිහාන් පිලපිටිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙහිදී එවකට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ තමන් ඉල්ලා සිටින ලෙසට පැමිණිලි කළහොත් රංජන් ‍රාමනායකට අවශ්‍ය පරිදි සැකකරුවන් සිරගත කළ හැකි බවය.

එහිදි ගිහාන් පිලපිටිය සහ රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන අතර, පසුගිය රජයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් අමාත්‍ය ධූරයක් දැරූ ඒ.එච්.එම් ෆවුසි සිරගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කරයි.

මෙහිදී ගිහාන් පිලපිටිය රංජන් රාමනායකට අවශ්‍ය පරිදි තීන්දු දිය හැකි බවත් ඒ සඳහා සාකච්ඡා කළ යුතු බවත් පවසයි.

ගිහාන් පිලපිටිය තවමත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනා අතර ඔහු විසින් සමස්ත අධිකකරණ පද්ධතියම නිග්‍රහයට ලක්කරමින් නීතිවිරෝධි කටයුතුවල යෙදී ඇති බව දැක්වෙන මෙම හඬපට නිකුත් වූවද තවමත් ධූරයෙන් ඉල්ලා අස් වී නොමැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස