ආණ්ඩුව බැරිකම වහ ගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා…! – ප්‍රේමනාත් සී. දොලවත්ත….

December 31, 2024 at 3:27 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීමට රාජ්‍ය සේවකයන්ට ඇඟිල්ල දිගු කරමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ජාතික ජන බලවේගයට විශාල බලයක් ලබා දුන් රාජ්‍ය සේවකයන්ට අද එය පාරා වළල්ලක් වී ඇති බව ද පසුගිය ආණ්ඩු වැඩ කළේ ද මෙම රාජ්‍ය සේවකයන් සමග බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ හොඳක් කළේ නම් එය රාජ්‍ය සේවකයන්ට ද වරදක් කළේ නම් ආණ්ඩුවට ද බැර කළේ මෙම කණ්ඩායම බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පුරසාරම් දෙඩුව ද සතොසට හාල් ගන්නට ටෙන්ඩර් එකක් දාගත නොහැකි ආණ්ඩුව, පෞද්ගලික ආනයනකරුවන්ගෙන් සතොසට සහල් ගනිමින් ඇති බවට ද චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *