ආණ්ඩුව බාල එන්නත් ලක්ෂ 130ක් ජනතාවට විදින්න හදනවා…! – රාජිත….

July 15, 2021 at 4:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනාගාරයක් පිහිටු වනවා යැයි කයිවාරු ගැහුව ද සිදුවන්නේ බෑග්වල ගෙන එන එන්නත් ලංකාවේ දී කුප්පිවලට දැමීම යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එලෙස ලංකාවේ බෝතල් කිරීමට යන සිනොවැක් නම් එන්නතෙහි සාර්ථකත්වය 50%ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතැයි ද ඔහු අනාවරණය කරයි.

සිනොවැක් යනු ලොව සාර්ථකත්වය අඩු ම එන්නත බවත් ජනාධිපතිවරයා මෙම බාල එන්නතින් මිලියන 13ක් ලබා ගෙන ජනතාවට දීමට සූදානම් වන බවට ද රාජිත සේනාරත්න චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *