ආණ්ඩුව බද්යුදීන්ලා රකින්නේ මුස්ලිම් ඡන්දවලට ඇති කෑදරකමටයි! – පෙරියසාමි ප්‍රදීපන්

May 19, 2019 at 10:54 pm | by admin

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබා දුන් බවට චෝදනා එල්ල වන රිෂාඩ් බද්යුදීන් හා ආණ්ඩුකාරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් බවට නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා චෝදනා කරයි.

හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංග යෝජනාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් සහයෝගය ලබා දිය යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස