ආණ්ඩුව පොඩි මිනිහාගේ වාහන හීනේ බදු ගහලා කුඩු කළා… වියදම් කළ වාහන සේල්කාරයන්ට හොඳට සැලකුවා..! – ඉසුරු සුබසිංහ…

February 2, 2025 at 7:52 pm | by emanisa.lk

ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට සලකමින් ඇතැයි ව්‍යාපාරික ඉසුරු සුබසිංහ චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

“අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකඟද? පොඩි මිනිහට ලක්ෂරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ.

එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ෂරි වාහන ගේන්න පුළුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?

පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුණේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණ්ඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහළ ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුළුවන් කමක් තිබුණේම නැද්ද? (lightweight vehicle tax)

එහෙම නොකර වාහන සේල්කාරයින්ගෙන් ගත්ත මුදල්වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනකරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද වුණාට හැම එකාම එහෙම නෑ,

රජයක් පත්කරගත්තා නම් වැඩ කරගන්නත් දඟලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.

මට නම්, මොකා වුණත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!

ඉසුරු සුබසිංහ

(කලක් ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වූ ඉසුරු සුභසිංහ 2019 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ වැදිණි. )

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *