ආණ්ඩුව පෙරළුණේ අපේ වරදින්..! හරි තීන්දු හරි වෙලාවේ ගන්න බැරි වුණා..! – බැසිල්…

July 17, 2022 at 3:52 pm | by emanisa.lk

තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබාගෙන ආණ්ඩුව පිහිට වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර තුනක් සම්පූර්ණවීමටත් පෙර ගෙදර යාමට සිදුවූයේ නිවැරදි තීරණ ගැනීමට අසමත් වීම නිසා සහ නිවැරදි තීරණ නිවැරදි වේලාවේ දී ගැනීමට අසමත් වීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

එසේම ආණ්ඩුමේ අභ්‍යන්තරය තුළ ඇති වූ ගැටුම්ද ඊට හේතු වූ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ, වැඩි දුරටත් පවසන්නේ මෙවැනි ගැටලු හේතුවෙන් ආණ්ඩුව බලයට පත්කළ බලවේග ආණ්ඩුව සමග විරසක වූ බවය.

පාර වැරදුණු බව තමන් පිළිගන්නා බවත්, කෙසේ නමුත් එය අවබෝධ වන විට සියල්ල සිදු වී අවසන් බවත් බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ නමුත්, ඒ සඳහා නිවැරදි උපායමාර්ග අනුගමනය කිරීමට අසමත් වූ බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *