ආණ්ඩුව ළමුන්ගේ ආරක්ෂාව ගැන දෙන සහතික ඇමතිලාටවත් ෂුවර් නෑ! ඇමති රවීගේ ආරක්ෂකයොත් පාසල් ආරක්ෂාවට යොදවයි!

May 5, 2019 at 2:13 pm | by admin

තමන්ට සපයා ඇති ඇමති ආරක්ෂකයන් පාසල් දරුවන්ගේ ආරක්ෂාවට ලබා දී තම ආරක්ෂාව තමා විසින්ම සපයා ගැනීමට සූදානම් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසා දින ගණනාවක් වසා දැමූ පාසල් 06 වෙනිදා ආරම්භ කිරීමට රජය තීන්දු කර ඇති බව පෙන්වා දෙන අමත්‍යවරයා දරුවන් ත්‍රස්ත ඉලක්කයක් විය හැකි බවට අනතුරු අඟවයි.

එහෙයින් පාසල් ආරම්භ කිරීමට පෙර සියලු පාසල් පරීක්ෂා කර දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආරක්ෂක අංශ දිවා රෑ නොබලා එම රාජකාරීවල යෙදවිය යුතු බවත් ඇමතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස