ආණ්ඩුව පළාත් සංචරණ සීමා ඉවත් නොකරන්නේ, විරෝධතාවලට බයේ…..! – හරිනි අමරසූරිය….

July 12, 2021 at 10:23 am | by emanisa.lk

ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බව ඇය පෙන්වා දෙයි.

සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් හා නිසියාකාරව සිදුවිය යුතු බව පවසන හරිනි අමරසූරිය, තව දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව දිනෙන් දින තීරණ හා සැලසුම් වෙනස් කිරීම මත එන්නත්කරණය ගැන විශ්වාසයක් ගොඩනැඟී නැති බවය.

රැකියා හා වැටුප් ප්‍රශ්න ඇතුළු ආර්ථික කරුණු හේතුවෙන් මේ වන විට බොහෝ ක්‍ෂේත්‍රවල විරෝධතා මතුව ඇති බවත් ආණ්ඩුවේ සියලු පැති අසාර්ථක බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *