ආණ්ඩුව පරාදයි..අපි දිනුවා…! පාසල් ආවේ පොලිසය විතරයි…! දෙමාපියොත් අපේ පැත්තේ…! – ස්ටාලින්…

October 21, 2021 at 3:04 pm | by emanisa.lk

අද (21) පාසල් යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබුණ ද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙන යන වැඩවර්ජනය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමට දැඩි බාධා එල්ල විය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. දකුණේ ගුරුවරුන් වර්ජනයේ නිරත වුවද උතුරු නැගෙනහිර වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් ප්‍රකාශ කළ ද අද දින උතුරු නැගෙනහිර පවා වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ස්ටාලින් පවසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙන යන වැඩවර්ජනය සඳහා දෙමව්පියන්ගෙන්ද සහාය ලැබී ඇති බවත්, බොහෝ පාසල්වල කිසිදු දරුවෙකු පාසලට පැමිණ නොමැති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.

වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් සිය පාසල්වල තත්ත්වය පිළිබඳව සමාජජාලා මාධ්‍ය හරහා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ පාසල්වලට පැමිණ තිබෙන්නේ ආරක්ෂාව සඳහා යොමුකළ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *