ආණ්ඩුව පනවා ඇති බදු අධිකයි! පිටි මිල අඩු කරන්නේ බෑ! – ප්‍රිමාත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි….

September 11, 2019 at 6:05 pm | by emanisa.lk

වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත.

ලෝක වෙළඳපොළේ තිරිගු ඇට මිල ඉහළ යාමත්, ආනයනය කරන තිරිඟු ඇට සදහා රජය මගින් පනවා ඇති අධික බදු මුදල හමුවේ තිරිඟු පිටි මිල යළිත් රු 4 සිට රු 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ වැඩි කිරීමට ප්‍රීමා සමාගම කටයුතු කළ බවට එම සමාගම විසින් තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

නව මිලට ප්‍රීමා සමාගම විසින් එම සමාගමේ තිරිඟු පිටි අලෙවි කරන සියලුම එජන්තවරුන්ට පිටි තොග නිකුත් කර ඇති බවත්, ඒ අනුව තිරිගු පිටි කිලෝවක් පැවති මිලට වඩා රු 4 සිට 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව ප්‍රීමා තිරිගු පිටි අලෙවි එජන්තවරු පවසති.

නව මිල අනුව ප්‍රීමා තිරිගු පිටි කිලෝවක් රු 90 සිට රු 100 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළදපොලේ අලෙවි කරනු ලබයි.

ප්‍රීමා තිරිගු පිටි මිල වැඩි විමත් සමග බේකරි හිමියන් ග්‍රැම් 450 ක පාන් ගොඩියක් සදහා වැඩි කල රු 2 මුදල සහ ඉහළ දැමු බේකරි නිෂ්පාදන වල මිල පිටි මිල අඩු කරන තෙක් අඩු නොකරන බව බේකරි හිමිවරු කියාසිටිති.

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා හිමියන්ද තිරිගු පිටි ආශ්‍රිත නිෂ්පාදන වල මිල ගණන්ද ඉහළ දමා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස