අපි වගේ මේ ආණ්ඩුව නිවැරදි තීරණ නිවැරදි වෙලාවට නොගත් නියා රට මිහිපිට අපායක් වුණා…! – එජාප නියෝජ්‍ය නායක….

August 18, 2021 at 7:49 pm | by emanisa.lk

ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආණ්ඩුව නිසා ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට ජනතාව ඇද වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ආණ්ඩුවක මූලික ලක්ෂණයක් විය යුත්තේ නිවැරදි තීරණ හරි වෙලාවට ගැනීම බව කී රුවන් විජයවර්ධන එම ලක්ෂණ නැති ආණ්ඩුව නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටී තිබෙන බව ද සඳහන් කළේය.

ආණ්ඩුව කොරෝනා මර්දනය අතහැරීම හේතුවෙන් වෙළෙඳ සංගම් මැදිහත් වී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ද රුවන් විජයවර්ධන කීය.

රජයේ ඇතැම් පාර්ශ්ව මෙය ස්වයං විනයක් ලෙස හැඳින්වුව ද මෙයින් පැහැදිලි වන්නේ රටේ ආණ්ඩුවක් නැති බව රටට පෙන්වා දීමක් බව කී නියෝජ්‍ය නායකයා එයින් පැහැදිලි වන්නේ රට අරාජික වී ඇති බව යැයිද සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවක දී රුවන් විජයවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *