ආණ්ඩුව ධනපතියන්ට දුන් බදු සහනය රාජ්‍ය සේවකයින්ගෙන් අයකර ගන්න හදනවා….! – පාඨලී…

August 24, 2021 at 10:24 pm | by emanisa.lk

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප කප්පාදු කිරීමේ සැලැස්මක් ආණ්ඩුව සතුව පවතින බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ එම වැටුප් කප්පාදුවේ පළමු පියවර ලෙස ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ වැටුප් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට සුදානම් වන බවයි.

රාජ්‍ය සේවක වැටුපින් අඩක් කපා බිලියන 400ක් ඉතිරිකර ගැනීමට උත්සාහ කරන ආණ්ඩුව 2019 වසරේ ධනපතියන්ට කර්මාන්ත හිමියන්ට බිලියන බිලියන 523ක බදු සහනයක් දුන් බවත් දැන් ආණ්ඩුව සැරසෙන්නේ එම අහිමි කරගත් මුදල රාජ්‍ය සේවකයින්ගෙන් අයකර ගැනීමට බවත් හෙතෙම චෝදනා කරයි.

කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *