ආණ්ඩුව දෙවන වරටත් රට සහ රණ විරුවන් පාවාදෙයි! රටට එරෙහි දෙවන ද්‍රෝහී යෝජනාවටත් සම අනුග්‍රහය දක්වයි!

March 12, 2019 at 2:57 pm | by admin

ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසූ යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකඟතාව පල කර සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සන් කර ඇති බව මේ යෝජනාවලියට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් සකස් කළ පෙත්සමක් භාර දීමට මානව හිමිකම් කවුන්සිලය තුළට ගිය විට තමන්ට දැනගන්නට ලැබුණු බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙම යෝජනාවට දෙමළ සන්ධානය පක්ෂ වූ අතර ඊට එරෙහි වූ ජනාධිපතිවරයාට දැඩි අප්‍රසාදය ද පළ කළේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයන් තිදෙනෙකු කරුණු දැක්වීමට ජිනීවා වෙත ගිය ද එය හුදු මහජන මුදල් නාස්තියක් පමණක් බව මේ අනුව තහවුරු වෙයි. ඔහුගේ නියෝජිතයකු වන උතුරේ ආණ්ඩුකාරවරයා දෙමළ සන්ධාන යෝජනා ද ජිනීවා වෙත රැගෙන යන බව වාර්තා විය.

පසුගියාදා ආණ්ඩුව ප්‍රකාශ කළේ  2015 ජිනීවා යෝජනාවේ අඩුපාඩු සකසන බවය. එවැනි අඩුපාඩු සැකසීමක් සිදු නොවුණ ද අලුත් යෝජනාව මගින් වත්මන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වාට මෙන්ම හිටපු හමුදාපතිවරයකු වන ජගත් ජයසූරියට ද යුද අපරාධ චෝදනා නඟා තිබේ.

සිය ආණ්ඩුවක් යටතේ මෙම යෝජනාවෙන් ඉවත් වන බව පසුගිය ද ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස