ආණ්ඩුව දූෂිතයෝ හෙළිවෙයි කියලා බයවෙලා! රංජන්ගේ හඬපට නතර කරන්න හදනවා! – චමිර පෙරේරා

January 25, 2020 at 3:49 pm | by emanisa.lk

ආණ්ඩුව මේ වන විට රංජන් රාමනායකගේ හඬපට ජනගත වීම නතර කිරීමට උත්සාහ කරන බව ජාතික මහජන සභාවේ චාමීර පෙරේරා පවසයි.

එම හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මුල දී ආණ්ඩුවට විනෝදයක් වුවද මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බාර්කාරයන් වැලි බලපත්‍රකාරයන් හෙළිදරව් වෙමින් පවතින විට ආණ්ඩුව මහත් භීතියට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අරක්කු බාර්හිමියන් 100ක් වැලි බලපත්හිමියන් 75ක් එතනෝල්කරුවන් 4ක් කුඩු ජාවාරම්කාරයන් 2ක් සහ බුකීකරුවෙක් සිටින බවත් රංජන් රාමනායක හෙළි කළ බවත් ඒ පිළිබිඳ ලිපිලේඛන, වීඩියෝ සාක්ෂි ඔහු සතුව ඇතැයි ද චමීර පෙරේරා පැවසීය.

එහෙයින් කිසිසේත් මෙම හඬපට හෙළිදරව් වීම නතර නොකළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. අද මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස