ආණ්ඩුව දියුණු රටවල් වගේ රට වහන්නේ නැතිව මුරණ්ඩු තීන්දු ගන්නවා…! – හර්ෂ…

August 8, 2021 at 2:35 pm | by emanisa.lk

දියුණු රටවල් පවා කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ සිය රටවල් නගර පිටින් වසා දමද්දී ශ්‍රී ලංකා එවැනි තීන්දුවක් නොගෙන මුරණ්ඩු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

රටේ ආදායමට වඩා මේ වන විටත් මුදල් අච්චු ගසමින් ඇති බවත් මහ බැංකුව තව දුරටත් මෙලෙස මුදල් මුද්‍රණය කළ නොහැකි බව ආණ්ඩුවට පවසා ඇති බවත් ඔහු අනාවරණය කරයි.

මේ අවස්ථාවේ රජය කළ යුත්තේ තමන්ට ගෙවීමට ඇති ණය වාරික අවුරුදු 02කට කල් දමා ගැනීම බවත් එවිට ඩොලර් බිලියන 08ක් ඉතිරි කරගත හැකි බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

මෙම ආර්ථික අවපාතයෙන් ගැළවිය හැකි වෙනත් විකල්පයක් නොවන බවත් සමහරු ප්‍රකාශ කරන තත්ත්වයට වඩා ආර්ථික අර්බුදය බරපතළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ තේරුම් ගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස