ආණ්ඩුව දිනකට ආධාර දුන්නේ රු. 125යි! ඒ ගාණ හොඳටම මදියි! 20 000ක්වත් දෙනු!

May 2, 2020 at 5:55 pm | by emanisa.lk

ඇඳිරි නීතිය පනවා දින 40ක් ගතවූ පසු ආණ්ඩුව රු. 5000 දීමේ කටයුත්ත තවදුරටත් සිදු කරන බව සමගි ජන බලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

රු. 5000 දින 40 කින් බෙදූ විට ලැබෙන්නේ දිනකට රුපියල් 125 වැනි සුළු මුදලක් ඇයි ද ඔහු පැවසීය.

එනිසා රුපියල් 5000 බැගින් සතියකට ලබාදී මසකට රුපියල් විසිදාහක් ලබාදිය යුතු බව තම යෝජනාව යැයිද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය තරම් විදෙස් ආධාර ලැබී ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස