මෙතරම් පිස්සු නැටූ ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි දිනක නොතිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
වත්මන් ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් රටේ සියලු ජනතාවට ආණ්ඩුව එපා වී ඇති බවයි, ඔහු අයවැය විවාදයට සහභාගී වෙමින් සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධනට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ කෙතරම් ගැටලු තිබුණ ද මෙතරම් නොපිරිහුණු බවත්, අද සාමාන්‍ය ජනතාව ‘ආණ්ඩුවට පිස්සු’ යැයි ප්‍රසිද්ධියේම පවසන තත්ත්වයට පත්ව ඇති බවත් වෙල්ගම සඳහන් කරයි.
මෙම තත්ත්වය උදාවන බව තමන් කලින්ම දුටු බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන්නැයි තමා මහින්ද රාජපක්ෂට බැගෑපත් වූ බවත් ඔහු පවසයි. ජනාධිපති තනතුරට පත්වීම සඳහා ඕනෑතරම් සුදුසුකම් සහිත පුද්ගලයන් මහින්ද රාජපක්ෂ සමග සිටි බව ද වෙල්ගම පෙන්වා දෙයි.