ආණ්ඩුව දැඩි විදේශ විනිමය හිඟයක…! ඩොලර් නැතිව තෙල් නැවක් වරායේ හිරවෙයි….!

July 15, 2021 at 7:53 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව ඩොලර් අර්බුදයකට මුහුණපා සිටින බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ගෙවාගත නොහැකිව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිරව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකක් අරගෙන යන්න යාවි යැයිද රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ සඳහන් කරයි.

“වත්මන් ශ‍්‍රී ලංකාව විදේශ විනිමය හිඟවීම ප‍්‍රධාන කොටගත් ආර්ථික අර්බුදයක සිරවෙලා ඉන්නවා. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130කුත් සිරවී තිබෙනවා.

අපේ වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා සිටින්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300ක පමණ මුදලක්. ඒ අනුව දැනට අපට ගෙවන්න තියෙන මුළු ණය මුදල ඩොලර් කෝටි 430ක්. නමුත් අපි සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 300ක මුදලක් පමණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *