ආණ්ඩුව ගොවියට බීල මැරෙන්න තිබ්බ වහ බෝතලෙත් නැති කළා….! – රෝහිණී කවිරත්න…

August 27, 2021 at 8:40 am | by emanisa.lk

වගා කර ගෙන කෑව රටක් මේ වන විට හිඟා කන තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරිය මේ බව පවසයි.

මේ රටේ ධනපති පන්තියට බදු සහන දී කෘෂි රසායන ගෙන්වීමටවත් සල්ලි නැති කර ගන්නට ජනතාව නොකී බවත් ඇය පෙන්වා දෙයි.

කෙතරම් අවාසනාවන්ත කාලයක් පැමිණිය ද ගොවි බිම්වල එළවළු පළතුරු ටික හැදුණ ද කෘෂි රසායන නැතිව ගොවිතැන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද රෝහිණී කවිරත්න අවධාරණය කරයි.

කෘෂි රසායන ටික ලබා දුන්නේ නම් රටට අල බතල ටික හෝ ලැබෙන බවත් අද ගොවියාට බීල මැරෙන්නවත් කෘමිනාශක ටිකක් නැති බවත් කෘමිනාශක ඒකාධිකාරය ද ආණ්ඩුවේ ගජ මිතුරෙකුට දීමට සූදානම් වන බවත් මන්ත්‍රීවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස