ආණ්ඩුව ගැසට් රිවර්ස් කරන්නේ සංවේදීකම නිසයි…! අපි අකමැති වුණත් රට වැසීම කොවිඩ් පාලනයට රුකුලක් වුණා…! – බැසිල්….

September 11, 2021 at 8:16 am | by emanisa.lk

ආණ්ඩුවේ සංවේදීකම යනු දුර්වලකමක් නොවන බවත් ඇතැම් චක්‍රලේඛ නැවත වෙනස් කරන්නේ එම සංවේදීතාව නිසා බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.

ඊයේ (10) රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රට වැසිය යුතු නැතැයි යන මතයේ මුල සිට සිටි නමුත් මහා සංඝරත්නය, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු පිරිසගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා රට වැසීමට තීරණය කළේත් එකී සංවේදීකම නිසාම බවත් ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් රට වැසීම කොවිඩ් පාලනයට පහසුවක් වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාව පහත වැටීමටත් එම තීන්දුව හේතු වූ බවත් ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ සංවේදී බව දුර්වලකමක් ලෙස සලකා විරුද්ධ පාක්ෂිකයන් චෝදනා නඟන නමුත් වත්මන් ආණ්ඩුව එසේ දුර්වල ආණ්ඩුවක් නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස