ආණ්ඩුව කොරෝනා යම යුද්දේ මැද ආර්ථික සටන අතනාරී! මසක් ඇතුළත උද්ධමනයත් පහත හෙළයි!

April 2, 2020 at 9:29 am | by emanisa.lk

2020 පෙබරවාරි මස 6.2%ක්ව පැවැති මෙරට උද්ධමනය මාර්තු මාසයේදී 5.4% දක්වා පහත බැස ඇත. ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව ඊට හේතුවී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල පහත යෑමයි.

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයද පෙබරවාරි මාසයේ සිට ඒකක 134.6 සිට ඒකක 133.4 දක්වා ඒකක 0.9කින් පහත බැස ඇත.

ආහාර මිල දර්ශකය ඒකක 3.2කින් පහත බැසීම මෙම සමස්ත මිල දර්ශකයේ පහත බැසීමට හේතුවී ඇති අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල දර්ශකය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් කොවිඩ්-19 වෛරසය පැතිර යෑමෙන් අර්බුදයට ලක්වෙමින් පැවැති ආර්ථිකයට 2020 පෙබරවාරි මාසයේ සිටම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් පොම්ප කළ අතර ඊට සාපේක්ෂව පොලී අනුපාතයන්ද පහත දමා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස