කාබනික පොහොර නම් ක්ෂුද්‍ර ජීවීන් බැක්ටීරියා ඉන්න ඕන…! බැක්ටීරියා නැත්නම් කසළ ගොඩක් තමයි…!- හේෂා…

June 10, 2021 at 9:35 pm | by emanisa.lk

කාබනික පොහොර යනුවෙන් චීනයේ නාගරික කසළ සේද මාවත දිගේ ලංකාවට ගෙන ඒමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මේ ආකාරයට ගෙනෙන කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් නැතැයි ආණ්ඩුව පවසන බවත් ක්ෂුද්‍ර ජීවීන් නැත්නම් ඒ කසළ ගොඩක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අස්වනු නෙළීමට ආසන්න වගාවට පොහොර ටික කෘමිනාශක ටික නොමැති වූ විට ඇති වන තත්ත්වය දන්නේ ගොවි ජනතාව බවත් හේෂා විතානගේ පවසයි.

වර්තමාන ආණ්ඩුවේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ගතහැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *