ආණ්ඩුව කළ එක ම දෙය ලොකු මිනිහට බදු සහන දී පොඩි මිනිහ බඩගින්නේ තැබීමයි…! අපට IMF හැර වෙන සරණක් නෑ…! – රනිල්…

June 23, 2021 at 12:49 pm | by emanisa.lk

ආණ්ඩුව කළ එක ම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පව්‍සයි.

අද (23) පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව සභාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව කී රනිල් වික්‍රමසිංහ මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බව ද පැවසීය.

ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ද සඳහන් කළේය

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස