ආණ්ඩුව කරන්න බැරි නම්, පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න…! – රංගෙබණ්ඩාර…

June 3, 2021 at 7:47 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවයේ මතුව තිබෙන ගැටළු නොවිසඳා සේවකයින් බියවද්දමින් ආණ්ඩුව ගැසට් නිවේදන නිකුත්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ආණ්ඩුව ජනතාව බියවද්දමින් මර්දනය කිරීමේ කටයුත්තක නිරත වෙමින් සිටින බව ද මහලේකම්වරයා පෙන්වා දෙයි.

ජනතාව පීඩනයට පත්නොකර ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකි නම් කරුණාකර ඉල්ලා අස් වී කළ හැකි අයෙකුට භාර දෙන ලෙසට ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කරයි.

එමෙන්ම රාජ්‍ය සේවකයා පීඩාවට පත්කරන ඒකාධිපති ගැසට් ගැසීම නතර කරන ලෙස ද රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *