ආණ්ඩුව එපා වුණාට ජනතාව අපි දිහා බලන්නෙවත් නෑ…! – ෆොන්සේකා….

November 8, 2021 at 2:08 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව කෙරෙහි කලකිරුණ ද සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවිය හැකි විකල්පයක් ලෙස ජනතාව නොදකින බව එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ආණ්ඩුවට ඡන්දය ලබා දුන් 50%ක් පමණ ජනතාව කලකිරී ඇතත් ඔවුන් තම පක්ෂය වෙත ආකර්ෂණය නොවන බවත් ඒ සඳහා ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපෘතියක් උවමනා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඊයේ (07) මීරිගම ප්‍රදේශයේ සමගි බලවේග පාක්ෂික හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

යහපාලනාණ්ඩුව හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වුව ද බලයට පත් වහා ඔවුන් ද හොරකම් කළ බවත් ෆොන්සේකා පවසයි.

හිටපු ශ්‍රී ලංකන් ගුවන්සේවා ප්‍රධානියා එයාර්බස් ගනුදෙනුව මගින් ඩොලර් මිලියන ගණනක් හොරකම් කළ බවත් යහපාලනාණ්ඩුව බලයට පත්ව එයාර් බස් සමාගමට විශාල දඩයක් ද ගෙවා දේශපාලකයින් කිහිප දෙනෙකු ඩොලර් මිලියන 20ක් සාක්කුවේ දමා ගත් බවත් හෙතෙම සිහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස