ආණ්ඩුව ඇපල් මිදි කන ගමන් ජනතාවට ගඩුගුඩා කන්න කියනවා…! – පාඨලී..

September 13, 2021 at 9:29 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ රටේ ආර්ථිකය භාරගෙන කළේ යට ඇඳුම ද තහනම් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසයි.

පිට රටින් ගෙනෙන ඇපල් වෙනුවට ගඩුගුඩාව ද මිදි වෙනුවට ඇඹුල් පේර ද ජනතාවට කන්න කියන තැනට ආණ්ඩුව වැටී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ ආණ්ඩුව ද දන්නා දේශීයත්වය එය බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“අපි ගඩුගුඩා ඇඹුල් පේර කමින් ඉන්නම්.. ඔය ඇත්තොවත් හොඳට කාලා සැනසිලා ඉන්න” යැයි තමන් ඉල්ලා සිටින බව ද පාඨලී රණවක වැඩි දුරටත් පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *