ආණ්ඩුව අවුරුදු 4ක් තිස්සේ උපාධිධාරීන්ට ලබා දී ඇත්තේ රැකියා 5000යි!

February 7, 2019 at 6:02 am | by admin

වත්මන් ආණ්ඩුව රැකියා දශ ලක්ෂයක් ලබා දෙන බවට මැතිවරණ වේදිකාවවල පොරොන්දු ලබා දුන්නා ද හැට දහසක් උපාධිධාරීන් විරැකියාවෙන් පෙළෙද්දී පසුගිය අවුරුදු හතර පුරා උපාධීධරීන්ට ලබා දී ඇත්තේ රැකියා 5000ක් පමණක් බවත් එය ද එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් බවත් ඊයේ පාර්ලිමේන්තුවේ දී චෝදනා කෙරිණි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව ප්‍රකාශ කළේ පසුගිය වසරේ උපාධිධාරීන්ට රැකියා 15 000ක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කළ ද ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය නිසා එය අසාර්ථක වූ බවත් මෙවර අයවැයෙන් රැකියා 20 000ක් ලාබ දෙන බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *