ආණ්ඩුවේ හෙංචයියන් වී ඇති සම්බන්ධන් සුමන්තිරන් එරෙහිව උතුරේ විරෝධතා!

February 10, 2019 at 7:59 am | by admin

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(09) වවුනියාවේ විරෝධතාවක නිරතවිණ.

අතුරුදහන්වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දින 719 ක් ඊයේ(09) දිනට විරෝධතාවයේ නිරතවුවද අතුරුදහන්වුවන්ගේ ගැලු වෙනුවෙන් විසඳුමක් ලබාදීම වෙනුවට සම්බන්ධන් හා සුමන්තිරන් ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ජන්දයෙන් බලයට පත්වු සම්බන්ධන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටලු පසෙකලා වර්තමානයේ ආණ්ඩුවේ හෙංචයියන් බවට පත්ව සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස