ආණ්ඩුවේ සිංහල අන්තවාදය තුරන් කරනවා..! – සජිත් නල්ලූර් ප්‍රතිඥාව දෙයි…

January 13, 2022 at 3:36 pm | by emanisa.lk

අන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙළ සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියේය.

ඊයේ දිනට යෙදී තිබුණු විපක්ෂ නායකවරයාගේ 55 වන ජන්ම දිනය නිමිත්තෙන් විපක්ෂ නායකවරයා  පළමුව යාපනය නාග විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකොට නාගවිහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමයන්ගෙන් ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිවසට ගොස් යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදුවිය.

අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත් සිදුකොට දේව ආශිර්වාදය ලබාගත් අතර මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස ද සහභාගී වූවාය.

අනතුරුව සමගි ජන බලවේගයේ පක්ෂ ක්‍රියාකාරීන් විසින් නල්ලූර් යොවුන් ශාලාවේදී සංවිධානය කොට තිබූ ජනහමුවක් අමතමින් ඊයේ සවස මෙලෙස නල්ලූර් ප්‍රතිඥාව ලබා දෙන ලදි.එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

“ රටේ මේ මොහොත වන විට ආහාර ආම්පන්නවල බරපතල හිගයක් තියනවා අම්මලට දූදරුවන්ට කිරිපිටි ටික නැහැ. ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරයේ තබන ආණ්ඩුවක් මේ තියෙන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ආණ්ඩුව ෆේල්. ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩලය මේ ඔක්කම ෆේල්. අද දින මේ උතුම් නල්ලූර් පුදබිමේ සිට මං ප්‍රතිඥාවක් දෙනවා. නල්ලූර් ප්‍රතිඥාව හැටියට. අන්තවාදය අපේ රටින් තුරන්කරන වැඩපිළිවෙළ අපේ රජයක් යටතේ  ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාවයි.”

– වන්නි රොමේෂ් මධුෂංඛ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස