ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන අතර, සන්ධානගත පක්ෂයක් ලෙස ආණ්ඩුව විසින් ගනු ලබන ඇතැම් තීන්දු තීරණ විවේචනය කිරීම කරන බව ද හෙතෙම පැවසීය.
එලෙස විවේචනය කළ ද වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පක්ෂ අභ්‍යන්තර මට්ටමින් සාකච්ඡා කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද සිය පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් සංවිධාන කර ඇත්තේ බිම් මට්ටමේ සිට පක්ෂ යාන්ත්‍රණය ගොඩනැඟීමේ අරමුණින් බව ද හෙතෙම පැවසීය.