ආණ්ඩුවේ ශක්තිය අගමැතිතුමායි..! එතුමාට ඉල්ලා අස්වෙන්න කියලත් නෑ…! කවදාවත් කියන්නෙත් නෑ…! – ජනාධිපති

April 28, 2022 at 9:33 pm | by emanisa.lk

තමන් කිසිඳු මොහොතක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බවත් අනාගතයේදී එවැනි දෙයක් කිරීමට හෝ තමන් බලාපොරොත්තු නොවන බවත් තමන් කිසිඳු තැනක අග්‍රාමාත්‍යතුමාව අස් කරනවා යැයි කියා නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ අද (27) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමඟ ජනාධිපති මන්දිරයේ දී පැවැති රැස්වීමකදී ය.

වත්මන් ආණ්ඩුවේ ශක්තිය අග්‍රාමාත්‍යතුමා බවත් එතුමා සහ තමා අතර ඇති සහෝදර බැඳීම ශක්තිමත් බැඳීමක් බවත් එතුමාව ධූරයෙන් ඉවත් කිරීමට කිසිදු අදහසක් නොමැති බවත් ජනාධිපතිතුමා මෙහි දී වැඩි දුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *