ආණ්ඩුවේ වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහිය වැඩ වර්ජනයක! වර්ජනයෙන් ලොකු බලපෑමක් නැතැයි ලංගමය කියයි!

June 12, 2019 at 9:52 am | by emanisa.lk

ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

එජාප ආණ්ඩුව එජාප සේවකයන්ට ලබා දුන් උසස්වීම් ස්ථිර කිරීම, නව වැටුප් තලවල පිහිටුවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත ඔවුන් දින දෙකක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විරෝධතාවක ද නිරත විය.

මෙම වර්ජනය හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ඇතුළු ප්‍රදේශ කිහිපයක ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ පවසන්නේ මෙම වර්ජනය පිළිබඳ දැනගත් වහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම අතිරේඛ බස් යෙදවීම නිසා මගී ජනතාවට කිසිදු අවහිරයකින් තොරව සිය ගමනාගමන කටයුතු සිදුකර ගැනීමට හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *