ආණ්ඩුවේ බොරු නඩු එකපිට එක පුහුවෙයි! ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩු හතරක් ලැජ්ජ නැතිව හකුළා ගනී!

March 19, 2019 at 2:54 pm | by admin

සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව එම නඩු හතරේන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩු අද (19දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහන් කළේ ඒවායේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

මීට පෙරද ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ නඩු දෙකකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *