ආණ්ඩුවේ බැරිකම විදුලි නිලධාරීන් මත පටවා ඇඟ බේරා ගැනීමේ සැලසුමක්!

March 31, 2019 at 12:45 pm | by admin

විදුලිබල මණ්ඩලයේ, අමාත්‍යාංශයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බල මාෆියාවට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර නිලධාරීන් කිහිප දෙනකු වෙනුවට වෙනත් අය පත් කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු වී තිබේ. එසේම විදුලි මාෆියාව මඟින් සිදු කළ මහා පරිමාණ වංචා සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. ජනතාවට අඛණ්ඩව විදුලි බලය සැපයීමට නොහැකි වී ඇත්තේ විදුලිය සම්බන්ධ ඉංජිනේරුවන්ගේ හා නිලධාරීන්ගේ නොසැලකිල්ල හා තමන්ට වාසි සහගත කොමිස් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බව මේ වන විට හෙළිව ඇත.

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීමට මේ වන විටත් රවි කරුණානායක, කබීර් හෂීම් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන අයගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබේ. පසුගිය වසර 4ක කාලය තුළ විදුලි බලය වැඩිදියුණු කිරීම හෝ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධව කිසිදු ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් සකස් කිරීමට මණ්ඩලයේ හෝ අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඉංජිනේරුවන් කටයුතු නොකිරීම නිසා විදුලි බල අර්බුදයක් හටගෙන ඇති බව මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මණ්ඩලයට හා මහජන උපයෝගිතා කොමිසමට දැඩි සේ දොස් පවරා ඇත.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ සමයේ යෝජිත කෙරවළපිටිය ආදි විදුලි බලාගාර පවා පසුගිය වසර හතර තුළ ඉදි නොකළ අතර හම්බන්තොට ප්‍රදේශයේ රාජපක්ෂ පාලන සමයේ ඉදිකළ සුළං විදුලි බලාගාර කැබලි කර දමා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස