ආණ්ඩුවේ පාසල්වල සහරාන්ලා බෝ කරන ඉස්ලාම් ගුරු අත්පොත්! (video)

June 27, 2019 at 7:36 am | by emanisa.lk

උසස්පෙළ ගුරු අත්පොත සාම්ප්‍රදායික මුස්ලිම් දහම වෙනුවට වහාබ්වාදය ඇතුළු අන්තවාදය ඉගැන්වීම සඳහා අනුබල දෙන ඉතාම අනතුරුදායක ලියවිල්ලක් බව සාම්ප්‍රදායක මුස්ලිම් ජනතාව විවේචනය කරති.

සාම්ප්‍රදායික මුස්ලිම් දර්ශනය ප්‍රතික්ෂේප කළ බෲනායි, මැලේසියා, තුර්කිය ආදී මුස්ලිම් රටවල පවා තහනමට ලක්වූ මුස්ලිම් මුස්ලිම් අන්තවාදය දේශනා කරන දේශකයන්ගේ පොතපොත මෙම ගුරු අත්පොත් සම්පාදනයට යොදා ගෙන ඇති අතර එම අන්තවාදීන් පිළිබඳ වැඩි දුර අධ්‍යයනය සඳහා සිසුන් යොමු කර ඇත.

1980 දශකයේ පමණ මෙරට ඉගැන්වූ සාම්ප්‍රදායික මුස්ලිම් දහම වෙනුවට රජයේ වියදමින් ඉස්ලාම් අන්තවාදය ඉගැන්වීම ඉතාම අනතුරුදායක තත්ත්වයකි.

එමගින් මුස්ලිම් ළමුන් කුඩා වියේ සිටම සාම්ප්‍රදායික ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කිරීමටත් නූතන රැඩිකල් අන්තවාදී ඉස්ලාම් දහම වැළඳ ගැනීමටත් යොමු කිරීම මරාගෙන මැරෙන සහරාන්ලා බිහි කිරීමට පදනම සැකසීමක් නොවේදැයි සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ප්‍රශ්න කරති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස