ආණ්ඩුවේ පසුපෙළින් ජ්‍යේෂ්ඨයින්ට එරෙහිව පැමිණිලි…! ජනපති අගමැති හමුවන්නත් සූදානම්…!

June 26, 2021 at 10:18 am | by emanisa.lk

ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ට ද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ .

ඇතැම් ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාළ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට පවා පියවර නොගන්නේ යැයි ද එම මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යේෂ්ඨයන්ට පැමිණිලි කර ඇත.

ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකු ඉකුත්දා හමු වී තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමු වී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවට එම ජ්‍යේෂ්ඨ ඇමතිවරුන් ඔවුන්ට පොරොන්දු වී ඇතැයි ද ද වාර්තා වේ

මේ අතර රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුම්වත් නොකරන බවට ද පසුපෙළ මන්ත්‍රීවරුන් රජය ජ්‍යේෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *