ආණ්ඩුවේ පම්පෝරි විතරයි….! කොවිඩ් සඳහා අඩුවෙන්ම වියදම් කළ රට ලංකාවයි…! – එරාන්…

November 10, 2021 at 4:53 pm | by emanisa.lk

ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාව කෝවිඩ් වෙනුවෙන් අඩුවෙන් ම වියදම් කළ රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

කොවීඩ් වෙනුවෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වෙන්කර ඇත්තේ 0.8%ක් පමණක් බවත් ඒ අනුව මෙම වසර දෙක තුළ කොවිඩ් වෙනුවෙන් වියදම් කළ ඇත්තේ රුපියල් බිලියන 170ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව දළ දේශිය නිෂ්පාදනයෙන් මාලදිවයින 6.7%ක්, ඉන්දියාව 3.9%ක්, ඇෆ්ගනිස්ථානය 2.1%ක්, පකිස්ථාන 2% සහ බංග්ලාදේශය 1.4% ආදී වශයෙන් වියදම් කර ඇති බවත් හෙතෙම පැවසීය.

රට මුහුණ දෙන සෑම ගැටලුවකට ම කෝවිඩ් වසංගතය පිටුපස සැඟව ඇති ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *