ආණ්ඩුවේ තහනම නොතකා උතුරේ කොටි සමරන්න සූදානම්! තල් යායක් විනාශ කර බොරු මහවිරු සුසාන හදයි!

November 25, 2019 at 9:39 pm | by emanisa.lk

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් පළාතේ නොවැම්බර් මස 27 වෙනිදාට එම උළෙල පැවැත්වීම සඳහා අලුතින් සොහොන් කොත් නිර්මාණය කොට තිබේ.

මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට තිබේ.

එම භූමියේ මේ වන විට අලුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද තිබේ. මුලතිව් ප්‍රධාන මාර්ග කීපයක්ද මහවිරු උළෙලවල් පැවැත්වීම සදහා අලංකාර ලෙස සරසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස