ආණ්ඩුවේ තව ගැසට් එකක් රිවර්ස්….! බිලියන 12ක කෘෂි රසායන ගේන්න සූදානම්….! කොන්ත්‍රාත්තුව ගජ මිතුරු සමාගමකට….!

August 26, 2021 at 9:24 am | by emanisa.lk

ආණ්ඩුව රසායනික පොහොර තහනම් ගැසට්ටුව අහෝසි කරමින් රු. බිලියන 12ක කෘමිනාශක ගෙන ඒමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

එම බිලියන 12න් බිලියන 10කම කෘෂි රසායන ගෙන ඒමට ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමකට ලබා දීමට සූදානම් වන බව ද ඔහු සඳහන් කරයි.

වකුගඩු රෝගය නම් බොරුව ඉදිරියට දමා රසායනික පොහොර තහනම් කළ ආණ්ඩුව අද අමාරුවේ වැටී ඇතැයි ද මනූෂ නානායක්කාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *