හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමග කටයුතු කළ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් සමගි ජන බලවේගය සමග එකතු වී ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සමග මේ වන විටත් සාකච්ඡා කරන බවත් එම සාකච්ඡා ද සාර්ථක වන බවයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වීමට සූදානමින් සිටින බව ද තිස්ස අත්තනායක වැඩි දුරටත් හෙළි කළේය.