ආණ්ඩුවේ ජනප්‍රියත්වය තුන් ගුණයකින් ඉහළට…!

July 16, 2024 at 11:10 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය පවසයි.

එම ආයතනය මඟින් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම ජුලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක් පැවති ජනතා ප්‍රසාදය මෙම මාසය වන විට සියයට 24 දක්වා ඉහළ ගොස් තිබේ. එම සමීක්ෂණයට අනුව වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සියයට 28ක් ප්‍රකාශකර ඇත.

මෙරට ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට සියයට 30ක් ප්‍රකාශ කර ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *