ආණ්ඩුවේ ගමන ගැන ආඩම්බර විය යුතුයි…! විමල් කනගාටු වෙන්නේ නොපැසුණු බව නිසයි…!

October 10, 2021 at 9:45 am | by emanisa.lk

“බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය” යනු විමල් කළ ප්‍රකාශය දේශපාලනිකව හා යථාර්ථවාදීව නොපැසුණු එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ වන්නේ ගෝඨාභය රට පාලනය කරන්නේ සාමාන්‍ය තත්ත්වයක නොවන නිසයි. හැම අතින් ම අභියෝගකාරි යුගයක අසීරුවෙන් රට මුදවා ගනිමින් යන ආණ්ඩුව ගැන ආණ්ඩුවේ ම සාමාජිකයෙක් වන විමල් ආඩම්බර විය යුතු තැන කනස්සලු වීම ඔහුගේ නොමිදුණු ජවිප ආත්මය මතුවීමක් ලෙස දැකිය හැකියි.

රොමැන්තික කතා දහසක් කියමින් වගකීමෙන් මිදුන ද වැදගත් වන්නේ පුළුල් පින්තූරය තේරුම් ගෙන ආණ්ඩුව සීරුමාරුවෙන් යන ගමනට එක ක්‍රියාවකින් හෝ සහාය දීමයි.

සෞභාග්‍යය දැක්ම තුළ වසංගතයක් වැනි ලෝක මට්ටමේ අභියෝගයක් අපේක්ෂා නොකළ අතර එය කඩාපාත්වීමත් සමග දුර්වල ආර්ථිකයක් ලැබුණු ගොඨාභය පාලනයට පැන නැගුණු හා නැගෙමින් තිබෙන අභියෝගවලට මුහුණ දෙන විට රූලට තිතට හැම දෙයක්ම සිදුවන විය යුතු බව කෙනෙකු සිතනවා නම් එය කුමන ආකාරයේ අඥානකමක්දැයි මට නම් පැහැදිලි නැත.

මහින්ද පතිරණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *