ආණ්ඩුවේ කෘත්‍රිම වැසි වස්සන වැඩෙත් හබක්! හිතූ තරම් වැසි නෑ කියා නවතා දමයි!

March 26, 2019 at 6:07 pm | by admin

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය නතර කර දමා තිබේ.

එම ජලාශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා බලාපොරොත්තු වූ තරම් වැසි ලැබී නොමැත.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වනවිට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇත. එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇත. එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සඳහා ලබා ගත හැකි බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *