ආණ්ඩුවේ කසකාරයෝ සද්දෙ වසා පිටිපස්සට….! රට වහන්න ලියුම් ගැසූ විමල් වාසු ගම්මන්පිල කැබිනට් හමුවට….!

August 24, 2021 at 8:48 am | by emanisa.lk

ඊයේ (23) සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ආන්දෝලනයට තුඩු දී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහභාගී වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යමය හේතු මත සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වී ඇති මෙම හමුවට අදාළ ඇමැතිවරුන් සහභාගී වී ඇතත් ඔවුන් ඉකුත් සතියේ නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සිදුව නැති බව දැනගන්නට ඇත.

එහි දී ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පවතින තත්ත්වය යටතේ රටේ ආර්ථිකය සහ හිඟයකින් තොරව ‌ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආදිය සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

පසුගිය දා රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුව ඇතුළේ සිටින පක්ෂ 10ක් අස්සන් තැබූ ලිපියක් මාධ්‍යයට නිකුත් කෙරුණු අතර පසුව ‌පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඊට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *