ආණ්ඩුවේ අමන තීන්දු නිසා ෆේස්බුක් ඇතුළු සමාජජාලා රටට අහිමි වීමේ අවධානමක්!

April 29, 2019 at 8:17 am | by admin

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) පවසයි.

මෙලෙස තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුළ වාරණයකට ලක්වීම අන් රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ඔවුහු පවසති.

රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමය.

එසේම කුඩා දරුවාගේ පටන් මෙම දැනුම්වත් කිරීම් සිදුකළ යුතු බවත් පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳ විෂය කරුණු එක් කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *