ආණ්ඩුවේ අපට බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගෙයි….! – ඇමැති එස්.එම්. චන්ද්‍රසේන

July 5, 2021 at 5:49 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණි පසු ඇලඩින්ගේ පුදුම පහන මෙන් වේ දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

විපක්ෂයට බැසිල් රාජපක්ෂ ඇලඩින්ගේ පුදුම පහන නොවුණ ද ආණ්ඩුවට ඔහු ඇලඩින්ගේ පුදුම පහන වැනි බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක් දැරීම ආණ්ඩුවට විශාල ශක්තියක් බව ඇමැති චන්ද්‍රසේන සඳහන් කරයි.

විපක්ෂය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට උත්සාහ කරන්නේ ද ඒ නිසා බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *