ආණ්ඩුවෙන් යන්න කිසිම අදහසක් නෑ..! ජනාධිපතිතුමා එක්ක ඉදිරියට ම යනවා..! – වාසු…

December 30, 2021 at 10:30 am | by emanisa.lk

ආණ්ඩුවෙන් පිට වී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

“අපි හදපු ආණ්ඩුවෙන්  පිටවෙලා යන්නේ මොකටද ” යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේ‍ය.

මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.

මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත්  දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණු බව සිහිපත් කළ ඇමැතිවරයා ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම  එකම බලාපොරොත්තුව බව ද සඳහන් කළේය.

නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය මතුකර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *