ආණ්ඩුවට හැකි නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නෙමෙයි, එහි කොට්ඨාශ 17න් එකක් දිනා පෙන්වනු! – ගීතාගෙන් ඇමති ගයන්තට අභියෝගයක්…..

September 6, 2019 at 12:14 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ 17 ඡන්දය මෙහෙයවීම සඳහා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 17 දෙනෙකු පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු එය මෙහෙය වීම සඳහා යොදවා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

එසේම ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මේ වන විට දන්සැල් සමයක් බවට පත්ව ඇති බවත් ඔප්පු බෙදීම ඉඩම් බෙදීම ජයටම සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ අතර ආණ්ඩුවට හැකි නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නොව එහි කොට්ඨාශ 17 අතරින් එකක් දිනා පෙන්වන ලෙස ගීතා කුමාරසිංහ ප්‍රදේශයේ එජාප සංවිධායක ඇමති ගයන්න කරුණාතිලකට අභියෝග කරයි.

පොදුජන පෙරමුණේ විජයග්‍රහණයේ ආරම්භය ඇල්පිටියෙන් සිදුවන බවත් කොට්ඨාශ 17ම පොදුජන පෙරමුණ ජයගන්නා බවත් ගීතා කුමාරසිංහ වැඩි දුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස