ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න මහජන අනුමැතිය හිමියි….! නාන තොටුපළේ ළිඳ ළඟ කෑ ගහන්නේ මෝඩයෝ….!

July 2, 2021 at 11:28 am | by emanisa.lk

රජයකට හිතුමතේ මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.

යමෙකු කඩපිළක, නාන තොටුපළක සිට එවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් එහි අර්ථය ඔහු අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් නොමැති අයකු බව යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

පසුගියදා රජය මුදල් අච්චු ගැසීම සිදු කළේ මෙම වසරට අදාළ මුදල් අච්චු ගැසීම සඳහා ලබා ඇති පාර්ලිමේන්තු අවසරය අනුව බව ද හෙතෙම පවසයි. එම ක්‍රියාවට පාර්ලිමේන්තුව ඔස්සේ මහජන අනුමැතිය හිමිව ඇති බවත්
වසන්ත යාපා බණ්ඩාර පෙන්වා දුන්නේ ය.

ඊයේ (01) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියකු මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *